මෙරට ජනතාව අතර අතිශයින් ජනප්රිය ගීත රැසක නිර්මාකරුවෙකු.ලෙස සැලකෙන ගිරිඋල්ල බෝපිටිය ශ්රී සුදර්ශණාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි මීගහවෙල සුමනශාන්ත හිමියන් ඊයේ (28දා) අපවත් වූහ.
හදිසි හෘදයාබාධයකට ගොදුරුව අපවත් වන විට උන්වහන්සේ අසූ දෙහැවිරිදි වියෙහි පසු වූහ.
"එපා එපා මස් කන්නට කිරි අම්මාගේ, ලස්සනට පිපුනු වන මල්, රූ සිරිය ඈගේ" ඇතුළු ජනප්රිය ගීත රැසක්ම සුමනශාන්ත හිමියන් විසින් ලියා ඇත. සුමනශාන්ත හිමියන් ගිහි ජීවිතයේ සිටියදී මෙම ගීත ලියා ඇත. ගිහි ජිවිතයේදී උන්වහන්සේ සරත් මුණසිංහ යන නමින් ප්රචලිතව සිටියේය. ගීත රචනයට මෙන්ම කාව්යකරණයටද දස්කම් දක්වා ඇති උන්වහන්සේ සඟරා කීපයකම සංස්කාරකවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.
මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සුමනශාන්ත හිමියන් මීට වසර දහයකට පමණ ඉහතදී ගිහි දිවිය අතහැර පැවිදි දිවියට පිවිස ඇත. සුමනශාන්ත හිමියන්ගේ ආදාහනය අද (29) පස්වරුවේ බෝපිටියේදී සිදු කෙරිණි.
ගීතාංජලී ප්රියදර්ශනී